කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්
Saturday, 08 August 2020 - 12:50 | Views - 1,020
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 18 තුළ පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව ද, එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 2 ත් 2 යි දශම 5 ත් දක්වා ඉහළ යාමේ හැකියි.
එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, ගසක් කඩාවැටීම හේතුවෙන් කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය ඇහැලියගොඩ - නාමල්පුර ප්‍රදේශයෙන් අද උදෑසන පැයකට වැඩි කාලයක් අවහිර වී තිබුණා.
Share This Article