හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ දෙදෙනෙකු බියගමදී අල්ලයි
Saturday, 08 August 2020 - 10:43 | Views - 632
හෙරොයින් සහ තියුණු ආයුධ කිහිපක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු බියගම - කොළඹහේන වත්ත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 200 ක් සහ තියුණු ආයුධ හතරක් සහිතව ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
21 සහ 23 වන වයස්වල පසුවන ඔවුන් බියගම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, අද දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article