ඉන්දියාවේ දරුණු ගුවන් අනතුරක් (ඡායාරූප)
Saturday, 08 August 2020 - 10:11 | Views - 829
ඩුබායි සිට ඉන්දියාවේ කැලිකට් දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ කැලිකට් ගුවන් තොටුපළට ගොඩබැස්වීමට යාමේදී අනතුරක් සිදුව තිබෙනවා.මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් පුද්ගලයින් 17 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මියගිය පුද්ගලයින් අතර යානයේ නියමුවන් දෙදෙනාද සිටිනවා.අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 190ක් යානයේ සිට තිබෙනවා.බෝයිං 737 වර්ගයේ මෙම යානය ගුවන් තොටුපළට ගොඩබැස්වීමට යාමේදී එය ධාවන පථයෙන් පිටතට පැන කොටස් දෙකකට කැඩී ගොස් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.යානය අනතුරට ලක්වීමෙන් එහි සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමට පැය 3 ක මෙහෙයුමක් සිදු කෙරුණු අතර, තුවාල ලැබූ 112 දෙනෙකු පසුව රෝහල් ගත කෙරුණා.එරට වේලාවෙන් ඊයේ (07) පස්වරු 7.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනතුර සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article