සෑහීමකට පත්නොවන ජාතික ජන බලවේගයේ ප්රතිඵලය
Friday, 07 August 2020 - 13:52 | Views - 1,010
මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්රමාණය පිළිබඳව කිසිසේත් සෑහිමකට පත්විය නොහැකි බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර, මැතිවරණයේ දී ලද දරුණු පසුබෑම හමුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ඇතුළු මන්ත්රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් මේ වනවිට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.
Share This Article