පරාජය වූ එජාප ජ්‍යෙෂ්ඨයන් සිරිකොතට
Friday, 07 August 2020 - 13:27 | Views - 4,121
එක්සත් ජාතික පක්ෂය ලද ඓතිහාසික පරාජයත් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිටකොට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්ව තිබෙනවා.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මෙම සාකච්ඡාව මේ වනවිටත් ආරම්භ වී ඇති අතර, මෙම දැවැන්ත පසුබෑම හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන බවයි.
ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව මෙම ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී ගනු ලබන තීන්දු ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තාවනවා.
Share This Article