නිවුන් දරුවන් තුන් හතර දෙනෙකුට මවක් වෙන්නද යන්නේ ? - අන්තර්ජාලය කැළඹූ ඡායාරූප පෙළ පිටුපස ඇති සංවේදී කතාව
උදරය අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා ආ චීන කාන්තාවක් ගැන අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ කිසියම් හෝ අද්භූත හේතුවක් මත මෙම කාන්තාවගේ උදරය වර්ධනය වී ඇති අතර එය මේ වන විට "පාලනය කළ නොහැකි" තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දෙදරු මවක් වන හුවාං ගුක්සියන් පවසන්නේ ඇගේ උදරයේ බර රාත්තල් 44ක් පමණ වන බවත්, එය තව තවත් වර්ධනය වෙමින් පවතින බවයි.
36 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව අන්ෂුන් නගරයෙන් පිටත ඩැෂි නම් ගම්මානයේ ජීවත් වන අතර ඇගේ තොරතුරු ප්‍රාදේශීය පුවත්පතක් වන 'ගුයිෂෝ අර්බන් ඩේලි' විසින් පසුගිය දිනයෙක වාර්තා කර තිබුණා.
මීට වසර කිහිපයකට පෙර ඇගේ කුස පැතලි වීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා යොමු වන්නට තීරණය කර තිබෙනවා.
මුලදී වේදනාකාරී වූ මෙම තත්ත්වයට ඇය වෛද්‍ය උපදෙස් ලබා ගත් බවයි ඇය කියන්නේ.
ඖෂධ ලබා ගැනීමෙන් පසු වේදනාව පහ වූ නමුත් ඇගේ කුස වර්ධනය වන්නට පටන් ගෙන තිබුනා.
ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතා මත විවිධ රෝහල් සඳහා ගිය නමුත්, ඇයට නිසි ප්‍රතිකාර ලබාගත නොහැකි වූ බවයි ඇය කියන්නේ.
අක්මා සිරෝසිස්, ඩිම්බකෝෂ පිළිකා මෙන්ම උදරයේ සහ පපුවේ අසාමාන්‍ය ලෙස තරල සෑදීම ඇතුළු රෝගාබාධ රැසකින් ඇය පීඩා විඳි බව වෛද්‍යවරු සොයා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, දැවැන්ත වර්ධනයට හේතුව හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා.
බොහෝ විශේෂඥයින් අනුමාන කරන්නේ ඇයට පිළිකාවක් ඇති විය හැකි බවයි.
එක් වෛද්‍යවරයෙක් ඇගේ අතිරික්ක උදර තරලය ඉවත් කිරීමට උත්සහා කළ නමුත් සැත්කම අවසන් වූ පසු ඇගේ කුස යළි වර්ධනය වීමට පටන් ගෙන තිබෙනවා.
බොහෝ පිරිසක් හුවාං මහත්මිය නිවුන් දරුවන් හෝ දරුවන් තිදෙනෙකු ලැබීමට සිටින කාන්තාවක් ලෙස ඇයව වරදවා වටහා ගෙන ඇති අතර මේ හේතුව නිසාම ඇය කණගාටුවෙන් පසුවන බවයි ඩේලිමේල් පවසන්නේ.
දිගු කලක් ඇයට නිදා ගැනීමට හෝ නොහැකි වී ඇති අතර ඇය නිදාගන්නේ එක්කෝ ඇඳ මත හෝ වාඩි වී හෝ කුෂන්වලට හේත්තු වෙමිනුයි.
ඇගේ ස්වාමියා ඈත රැකියාවක නියැලෙන අතර පවුලට මූල්‍යමය උපකාර සිදු කරන බව සඳහන්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් ද වනවා.
ප්‍රාදේශීය රෝහලක් මෑතකදී ඇයට දන්වා සිටියේ එහි විශේෂඥයින් ඇයට ප්‍රතිකාර කිරීමට කැමති නමුත් එම සැත්කම සඳහා යුවාන් 30,000 ක් (ඩොලර් 3,290) ක් වැය වන බවයි.
හුවාං දැන් බලාපොරොත්තු දල්වා හිඳින්නේ මුදල් එකතු කරගෙන එම සැත්කම සිදු කර ගැනීමට යි.
Dailymail ඇසුරිනි.
