ලෙබනනයේ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය විමසීම් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්
ලෙබනනයේ පිපිරීම ගැන බීරුට් වරාය බලධාරීන් නිවාස අඩස්සියේ - මරණ සංඛ්‍යාව 135 දක්වා ඉහළට - තුන් ලක්ෂයක් අවතැන්
ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය විමසීම් සිදුකිරිම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ලබාදී තිබෙනවා.
096 157 69 585 යන දුරකථන අංකය ඔස්සේ අදාළ විමසීම් සිදුකළ හැකි බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම
[email protected] යන විද්‍යුත් ලිපිනයටද ශ්‍රී ලංකිකයන් මුහුණදී ඇති ගැටළු ඉදිරිපත් කළ හැකියි.
පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුටද තුවාල සිදුවූ අතර, බීරූට් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද අලාභහානි සිදුව තිබුණා.
අදාළ පිපිරිම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් නවාතැන් ගෙන සිටි වාසස්ථානවලටද අලාභහානි සිදුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් තොරතුරු එක් රැස් කරමින් පවතින අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරමින් පවතින බවයි තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර බීරූට් වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබූ ටොන් 2,750 ක ඇමෝනියම් නයිටේ්‍රට් තොගය මගින් පෙරේදා ඇති කළ පිපිරුම ජපානයේ හිරෝෂිමා නුවරට ඇමරිකාව හෙලූ පරමාණු බෝම්බයේ පිපිරුම් බලයෙන් දහයෙන් එකක් පමණ වන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.
එමඟින් බීරූට් නගරයට ඉමහත් විනාශයක් සිදුවූ අතර, මියගිය සංඛ්‍යාවද මේ වනවිට 135 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබූ සංඛ්‍යාව ද 5,000 කට අධිකයි. නිවාස අහිමිව අවතැන්වූ සංඛ්‍යාව තුන්ලක්ෂය ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, රටවල් රැසක් ලෙබනනය වෙත හදිසි ආධාර ලබාදීමට කටයුතු කළා.
ප්‍රංශ ගුවන් යානා තුනක් එලෙස අද එහි පැමිණෙන්නේ ජීවිතාරක්ෂකයන් 55ක්, වෛද්‍ය උපකරණ මෙන්ම පුද්ගලයන් 500 කට ප්‍රතිකාර කළ හැකි ජංගම සායනයක්ද රැගෙනයි.
මේ අතර පිපිරුම සම්බන්ධයෙන් බීරූට් වරාය බලධාරීන් පිරිසක් නිවාස අඩස්සියට පත් කිරීමට ලෙබනන රජය පියවර ගෙන තිබෙනවා.
2013 වසරේදී මෙම ඇමෝනියම් නයිටේරේට් තොගය රෝසස් නැමති නෞකාවෙන් බීරූට් වරායට රැගෙන විත් ඇත්තේ ජෝර්ජියාවේ සිට මොසැම්බික් යන අතරතුරයි.
කාර්මික දෝෂයකට ලක්වූ නෞකාව බීරූට් වරායේ තිබියදී හිමිකරුවන් විසින් එය අතහැර දැමීම නිසා ඇමෝනියම් නයිටේ්‍රට් තොගය වරායේ සුරක්ෂිතව තැබීමට තීරණය කෙරුණා.
එය අවදානම් බැවින් ඉවත් කරන ලෙස රේගු බලධාරීන් පවා ප්‍රකාශ කළද පසුගිය වසර හය තිස්සේ ඒ සඳහා පියවර ගෙන තිබුණේ නැහැ.
ඊට අදාළ කටයුතු සිදුකළ යුතු නිලධාරීන් පිරිසයි නිවාස අඩස්සියට ගෙන ඇත්තේ.