දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Thursday, 06 August 2020 - 8:48 | Views - 198
දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම උතුර, උතුරුමැද, වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතර දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 - 60 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මීට අමතරව බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article