ඡන්ද ගණන් කිරීම අද උදෑසන සිට
Thursday, 06 August 2020 - 8:12 | Views - 410
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද සිදු කෙරෙනවා.

ඒ අනුව අද පෙරවරු 7 සහ 8ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරිමට නියමිතයි.

ඊයේ පස්වරු පහට ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අවසන් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළා.

මීට පෙර මැතිවරණවලදී සිදුවූ පරිදි මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිදුවූයේ නැහැ.

ඊයේ පස්වරු 5 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ඒ ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ආරම්භ වුණා.

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීමල දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථාන 77 කදී සිදුකෙරෙනවා.

වැඩිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති අතර, එම සංඛ්‍යාව 07ක්.

කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථන 4 ක් ස්ථාපනය කර තිබෙනවා.

ඒ කොළඹ රාජකීය, ඩී.එස්. සේනානායක, ඉසිපතන සහ තර්ස්ටන් යන විද්‍යාල තුළයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ලැබූ ඡන්ද පෙට්ටි අවසරලත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඉදිරියේ තවත් බහාලුමක සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තැබුනා.

සියයට 71 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවූ මෙවර මහ මැතිවරණයේදී  එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම ඊයේ පස්වරු පහට අවසන් වුණා.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්කර යැවීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි හැට දෙලක්ෂ 63,885 දෙනෙකු ඊයේ පැවති මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර, එක්කෝටි දස ලක්ෂයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ඉන් ලක්ෂ 7 කට  ආසන්න සංඛ්‍යාවක් තැපැල් ඡන්ද බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණු අතර, ඉන් 3652 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ හරහා තරඟ වැදුණා.

ස්වාධීන කණ්ඩායම් හරහා මැතිවරණයට තරඟ වැදුණු සංඛ්‍යාව සටහන් වුණේ 3800ක් ලෙසයි.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඊයේ මැතිවරණය පැවති අතර, ඒ අනුව සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71ක් වූ බවයි මැතිවරණ කොමිමේ සභාපතිවරයා සඳහන් කළේ.

මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අතින් වැඩිම ප්‍රතිශතයක් සටහන්ව තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේයි.

එම ප්‍රතිශතය සියයට 75 ක්. අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 63 ක් වූ  අතර, එම ප්‍රතිශතය වාර්තාවුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top