අද උදෑසන රටම කළඹමින්, මහමඟ ඝාතනය වූ SFලොක්කාව වාහනයෙන් ඉවතට ගන්නා වීඩියෝ දර්ශන මෙන්න
Wednesday, 05 August 2020 - 16:57 | Views - 7,795
අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුනා.
ඒ, තඹුත්තේගම - දහයියාගම මංසන්ධියේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින්.
වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.
මේ අතර, එස්.එෆ්. ලොක්කා මෝටර් රථයෙන් මුදවා ගන්න දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මෙම දර්ශන අතර, යම් කාන්තාවක් "චූටි අයියේ" ලෙස සඳහන් කරමින් කෑ ගසමින් හඬන අයුරුද දකින්නට ලැබෙනවා.
වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ඔහුගේ මෝටර් රථයද ගිනිගෙන තිබෙනවා.
සමාජ මාධ්‍යයේ හුවමාරු වන එම වීඩියෝ දර්ශන පහතින් බලන්න.......
Share This Article