පස්වරු දෙක වනවිට දිස්ත්රික්ක රැසක ඡන්දය ප්රකාශ කිරීම 50% ඉක්මවයි
Wednesday, 05 August 2020 - 15:11 | Views - 356
පස්වරු දෙක වනවිට සියලුම දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශත මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ එම අගය සියයට 55ක් වන අතර, මාතර දිස්ත්රික්කයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය සියයට 52ක්.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය සියයට 51ක්, 53 ක් සහ 60ක් වන බවයි දිස්ත්රික් තේරීම් භාර නිලධාරීවරුන් කියා සිටියේ.
එමෙන්ම කුරුණෑගල, මඩකලපුව සහ මහනුවර දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය සියයට 55ක් ලෙස දැක්වෙනවා.
පොළොන්නරුව, මාතලේ, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය සියයට 60ක් වන බවයි එම දිස්ත්රික්ක භාර තේරීම් භාර නිලධාරීවරුන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
වන්නි දිස්ත්රික්කයේ සහ මොණරාගල දිස්ත්රික්කයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය සියයට 56ක් වනවා.
යාපනය, සහ දිගාමඩුල්ල දිස්ත්රික්කවල ඡන්දය ප්රකාශ කිරීම සියයට 56 සහ සියයට 41ක් ලෙස සටහන් වන බවයි තේරීම් භාර නිලධාරීවරුන් සඳහන් කළේ.
බදුල්ල දිස්ත්රික්කයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය සියයට 50ක් වන අතර, පුත්තලම දිස්ත්රික්කයේ ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය දැක්වෙන්නේ සියයට 52ක් ලෙසයි.
Share This Article