ඡන්දය සලකුණු කළ අයුරු ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 13:01 | Views - 236
තමන් සලකුණු කළ ඡන්දය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද(05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තරුණයා නාවලපිටිය මධ්‍ය මහ විද්‍යාලයේ ශාලා අංක 51 ඡන්ද මධ්‍යස්ථානයේ ,ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කරමින් සිටි අවස්ථාවේ, ශාලාධිපති විසින් මෙම සැකකරු සහ ජංගම දුරකථනය සිය බාරයට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර බාරදී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු රම්බොඩ, හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article