ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස මෙන්න
Wednesday, 05 August 2020 - 9:38 | Views - 156
නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14 තුළ සිටින පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවසින් බැහැර වීමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඔහු පවසන්නේ, එලෙස පළමු දින 14 තුළ නිරෝධායනය වන අයගෙන් යම් අයෙක් කොරෝනා ආසාදිතයෙකු විය හැකි බවයි.
කෙසේ වෙතත් පළමු දින 14 තුළ විරෝධයනය වී දෙවැනි දින 14 තුළ සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවසින් බැහැරවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
නමුත් මෙම පිරිස සවස 04න් පසු ඡන්ද පොළට පැමිණිය යුතු වනවා.
Share This Article