ළමා නිළිය මෙච්චර ඉක්මණට ලොකු වෙලාද- ගැබ් ගත්ත ජනප්‍රිය නිළි ලියා ගැන හැමෝම පුදුම වෙයි
ඇමරිකානු ජනප්‍රිය නිළියක්වන ලියා මිචෙල් (Lea Michele) ගැන මේ දවස්වල කාගෙත් අවධනය යොමු වෙලා. ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි පසුගිය වර්ෂයේ ඇමරිකාවේ ඉන්න පොහොසත් ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වූ ඇය මේ වෙද්දී ගැබ් ගෙන ඉන්න නිසා.
සැන්ඩි රිච් (Zandy Reich) එක්ක තමයි ඇය විවාහ වුනේ. නොබෝ දිනකින් පළමු දරුප්‍රසුතියට සුදානම් වෙන ලියා ඇයගේ දරුගැබ හොදින් පෙනෙන අයුරින් විලාසිතාවකින් සැරසිලා ඇයගේ සැමියා එක්ක ඇවිදින්න ගිහිං. ඇය ගැබ් ගෙන ඉන්න බව නොදන්නා බොහෝ දෙනෙක් විශ්මයෙන් ඇයට ප්‍රතිචාර දක්වලා ඇති බවත් විදෙස් මාධ්‍ය සදහන් කරලා තියෙනවා.
ළමා නිලියක් විදිහට රංගනය පිවිසුණු ලියා "ළමා නිළිය මෙච්චර ඉක්මණට ලොකු වෙලාද.. දැන් අම්මා කෙනෙක් වෙන්න යනවා නේද .." කියලා තමයි හැමෝම පුදුම වෙන්නේ කියලත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

