ජීව අත් බෝම්බයක් සහ අජීවී මෝටාර් උණ්ඩයක කොටසක් සොයාගනී
Tuesday, 04 August 2020 - 9:36 | Views - 344
පුද්ගලික ඉඩමක තිබී දිරා යමින් තිබූ ජීව අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය පවසනවා.
ගම්පහ , ඔරුතොට පාරේ පුද්ගලික ඉඩමක තිබී මෙම ජීව අත් බෝම්බය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව පොලිසි විශේෂ කාර්ය බලකාය මගින් මෙම ජීව අත් බෝම්බය නිශ්ක්රීය කර තිබෙනවා.
මේ අතර කිරිබත්ගොඩ පෙරේරා මාවතේ නිවසක කුනු ගොඩක දමාගොස් තිබූ පුහුණු වීම් සදහා යොදා ගන්නා අජීවි මෝටාර් උන්ඩයක කොටසක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එයද පොලිසි විශේෂ කාර්ය බලකාය මගින් නිශ්ක්රීය කර තිබෙනවා.
Share This Article