කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළට
Tuesday, 04 August 2020 - 8:49 | Views - 1,150
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස දෙක තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වූ බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

විශේෂයෙන් විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුනා.

එමෙන්ම පසුගිය ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් විසි වතාවක් මත්තලට පැමිණ තිබෙනවා. එලෙස මත්තලට පැමිණි ගුවන් සේවාවන් කොරෝනා වසංගත තත්ත්වයෙන් ඔබ්බට සිය මෙහෙයුම් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්.

ඒ සඳහා ඉන්ඩිගෝ ගුවන් සේවයට අමතරව  එයාර් ඉන්දියා, එයාර් ඒෂියා, එලායන්ස් එයාර් සහ මියන්මාර් ගුවන් සේවය මේ වනවිටත් මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top