කොරෝනා නිසා මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළට
Tuesday, 04 August 2020 - 8:49 | Views - 1,151
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස දෙක තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි සංඛ්‍යාවක් එහි ක්‍රියාත්මක වූ බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.
විශේෂයෙන් විදෙස් රටවල සිට පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී මෙන්ම නෞකා කාර්ය මණ්ඩල රැගෙන ඒමේදී මත්තල ගුවන් තොටුපල විශේෂයෙන් යොදාගැනුනා.
එමෙන්ම පසුගිය ජූනි 20 වනදා සිට ජූලි 31 වනදා දක්වා ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් විසි වතාවක් මත්තලට පැමිණ තිබෙනවා. එලෙස මත්තලට පැමිණි ගුවන් සේවාවන් කොරෝනා වසංගත තත්ත්වයෙන් ඔබ්බට සිය මෙහෙයුම් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන්.
ඒ සඳහා ඉන්ඩිගෝ ගුවන් සේවයට අමතරව එයාර් ඉන්දියා, එයාර් ඒෂියා, එලායන්ස් එයාර් සහ මියන්මාර් ගුවන් සේවය මේ වනවිටත් මූලික සාකච්ඡා පවත්වා ඇති බවයි ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Share This Article