නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 8:16 | Views - 521
හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5,000 බැගින් මිලදි ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි හතරදෙනෙකු බේරුවල ප්‍රදේශයේ සැරිසරමින් ඊයේ් මෙලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදී ගැනීමට උත්සාහ කර ඇති අතර, ප්‍රදේශවාසීන් ඒ පිලිබඳව විමසිලිමත්වී දෙදෙනෙකු අල්ලා පොලීසියට භාරදී ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article