ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 8:10 | Views - 1,106
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2828 දක්වා ඉහළ ගියා.
ඒ, සෞදි අරාබියේ සිට පැමිණි 4 දෙනෙකු සහ ලංකාපුර කොරෝනා ආසාදිතයෙකුගේ සමීපතමයෙකු ආසාදිතවීමත් සමඟයි.
මීට අමතරව කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙකු ඊයේ දිනයේදී සුවය ලබා නිවෙස් වෙත යාමත් සමඟ 2517 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 300 ක්.
Share This Article