මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණිය ජීවිතක්ෂයට තරුණයා දැඩිසත්කාර ඒකකයේ
Monday, 03 August 2020 - 10:55 | Views - 1,280
කුරුණෑගල සිට මහියංගණය දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයෙක් හා තරුණියක් මහවැලි ගඟේ දියනෑමට ගොස් ඊයේ (02) පස්වරුවේ දියේ ගිලීමෙන් තරුණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තරුණයා මහියංගණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි මහියංගණය පොලීසිය පවසන්නේ.
මෙලෙස දියේ ගිලී ඇත්තේ වයස 18ක් වු කුරුණෑගල, කටුපොත හා තිරගම පදිංචි ඥාති තරුණයෙක් හා තරුණියක්.
අනතුර සිදුවන අවස්ථාවේ සිද්ධිය දුටු පිරිස් සහ මහියංගණ පොලිසියේ නිළධාරින් එක්ව දියේ ගිලී සිටි දෙදෙනා බේරා ගැනිමට දැඩි පරිශ්රමයක් දරා තිබෙනවා.
පොලීසිය පවසන්නේ දියනෑමට සුදුසු නොවන, ස්ථානයක දිය නෑමට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.
Share This Article