'අංගොඩ ලොක්කා'ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි
Monday, 03 August 2020 - 10:18 | Views - 2,263
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සනාථ වී ඇති බව එරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරනවා.

ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් සහ ද හින්දු යන පුවත් වෙබ් අඩවි අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව මෙලෙස වාර්තාකර තිබුණා.

'අංගොඩ ලොක්කා' පසුගිය මස 03 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවයි එම පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොයිම්බතුර් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේ ජීවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවයි.

'අංගොඩ ලොක්කා'ගේ මරණය සහ ඔහුට ව්‍යාජ ඉන්දීය හැඳුනුම් පතක් සකසාදීම යන සිද්ධීන්ට අදාලව ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පුවත් වෙබ් අඩවි වැඩිදුරටත් පවසනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top