ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි අසූ ලක්ෂය ඉක්මවයි - ඉන්දියාවේ ගුවන් ගමන් තහනමත් දිගුවෙයි
Monday, 03 August 2020 - 8:34 | Views - 598
ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි 82 ලක්ෂ 21,215 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හයලක්ෂ 92,384ක් ලෙසයි.
ගතවූ පැය විසි හතරේ ඉන්දියාවෙන් මරණ 758 ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට මරණ සංඛ්‍යාව දැක්වන්නේ 38,161ක් ලෙසයි.
දෛනික ආසාදිතයන් 52,783 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්ෂ 4,702 ක් ලෙස සටහන් වුණා.
මේ අතර ජූලි 31 වනදා දක්වා ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවමින් ඉන්දියාව පනවා තිබූ ගුවන් ගමන් තහනම අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ තහනම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන නෞකා සහ ගුවන් යානා සඳහා බල නොපැවැත්වෙන බවයි එරට සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article