පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Monday, 03 August 2020 - 8:25 | Views - 274
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට අද (03) දිනය තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි.
උතුරු මැද පළාතේ, පුත්තලම, හම්බන්තොට, මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමන පැයට කිලෝ මීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකියි.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින් අතර වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Share This Article