ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා
Monday, 03 August 2020 - 8:21 | Views - 407
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රටේ සම්පත් සහ ආර්ථික මධ්‍යස්ථාන විදේශයන් සතු කිරීම වෙනුවට දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන ජාතික ආර්ථිකයක් අනාගතයට උරුම කරදීම රජයේ ප්‍රතිපත්ති බව  ජනාධිපතිවරයා කියා සිටියා.

ජීවන වියදම පිළිබද බොරු පොරොන්දු දීමට වඩා වැදගත් වන්නේ කොවිඞ් වසංගතයත් සමඟ ඇති වූ කටුක යථාර්ථය තේරුම් ගෙන ජනතාව ශක්තිමත්ව නගා සිටුවීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවකට එක්වෙමින් ඊයේ සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ඊයේ දිනය පුරා ජනාධිපතිවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා.

මිද්දෙනිය - මහින්ද රාජපක්ෂ වෙළද සංකීර්ණය අසළ සංවිධාන කළ ජන හමුවකට එක්වෙමින් එම ප්‍රදේශයේ ජනතාවගේ අඩුපාඩු පිළිබදව ජනාධිපතිවරයා සොයා බැලුවා.

මිද්දෙනිය රෝහලේ සහ මිද්දෙනිය මහා විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබදව ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව අසළ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ එක්වූ අතර එහිදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ද හිමි වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා චාරිකා කළ අතර, ජනාධිපතිවරයා සහභාගි වූ අවසන් ජන හමු මාලාව ද මෙය වනවා.

මේ අතර, එම චාරිකාව අතරතුර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුකළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top