"සෙම්බු සමන්ත" මැණික්හින්නේදී පොලිස් අත්අඩංගුවට
Sunday, 02 August 2020 - 13:42 | Views - 6,563

නීතිවිරෝධී ලෙස ඉඩම් ගොඩ කිරීම්, බලහත්කාරයෙන් දේපළ පවරාගැනීම් වැනි සිද්ධිවලට සම්බන්ධ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුල්ලේරියාවේ පදිංචි සමන්ත කුමාර නොහොත් සෙම්බු සමන්ත ලෙස හඳුන්වන බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ පුද්ගලයා මුල්ලේරියාව පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේදියි.
එමෙන්ම බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති අතර, සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.
ශාන්ත කුමාර නැමති අදාළ සැකකරු ගොනා ශාන්ත ලෙසටද හඳුන්වන අතර, ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.
මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී නොතිබෙන පසුබිමක උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් බස්නාහිර පළාත තුළ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 3 ක් වටලා කාන්තාවන් 14 දෙනෙකු ඇතුලූ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොම්පඤ්ඤවීථිය, තලංගම, මීගමුව ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථානවලට අමතරව ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
මේ අතර ඊයේ උදෑසන හයේ සිට අද අලූයම 5 දක්වා කාලය තුළදී බස්නාහිර පළාත තුළ වැටලීම්වලදි හෙරොයින්, ගංජා, අයිස් ඇතුලූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 345 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article