ගල්කිස්සේදී සහ මීගමුවේදී පිස්තෝල, ටී 56 උණ්ඩ සහ මැගසින් සොයාගැනේ
Sunday, 02 August 2020 - 13:35 | Views - 575
ගල්කිස්ස - ඉඳිගහදෙණිය ප්රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල හතරක් සහ මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගෙන තිබෙනවා.
අද උදෑසන 10.30 ට පමණ එහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඒවා සොයාගෙන ඇත්තේ.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ජේලර් නිවාස පිටුපස වළලා තිබූ ටී 56 ජීව උණ්ඩ 13 ක්ද පොලීසිය සොයාගනු ලැබුවා.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article