අභිරහස් ලෙස ඝාතනය කර තිබූ හැමෝගෙම ආදරය දිනූ සනුජ ගේ සිරුර අන්තිමට හමුවූ තැන (ඡායාරූප සහ වීඩියෝ)
Saturday, 01 August 2020 - 13:08 | Views - 5,631
අභිරහස් ලෙස ඝාතනය කර තිබූ හැමෝගෙම ආදරය දිනූ සනුජ ගේ සිරුර අන්තිමට හමුවූ තැන

ඝාතනය කරන ලද අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී හමුව තිබෙනවා.

ගලේවෙල පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මලසිරුර සොයාගෙන ඇත්තේ.

රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

මෙලෙස මියගොස් ඇති දරුවාගේ මීට කලකට ඉහතදී  ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

දරුවාගේ පියාගේ ඥාතියෙකුගේ නිවසක දරුවා නවාතැන්ගෙන සිට ඇති අතර දරුවා එම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයක් අසලට යෑමෙන් අනතුරුව අතුරුදන්ව තිබෙනවා.

පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී දරුවාගේ සිරුර අසළ පිහිටි ඇළ මාර්ගයේ තිබී හමුවීමෙන් අනතුරුවයි ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ දරුවා මියගොස් ඇති බවයි.

දරුවා පදිංචිව සිට ඇති නිවස ඉදිරිපිට කොටස විවිධ උත්සව අවස්තාවන් සඳහා ඉඩපහසුකම් සපයන ස්ථානයක් බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

දරුවා ඝාතනය වූ බවට සැකපළ කරන ස්ථානයේ තිබී හෙරොයින් මත් කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද දැක ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇත්දැයි යන්න සොයාබැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර ගලේවෙල පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top