කොරෝනා වෛරසයේ බලපෑම දශක ගණනාවක්
Saturday, 01 August 2020 - 11:04 | Views - 1,229
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි හදිසි සේවා කමිටුව මේ බව ප්‍රකාශ කළේ පසුගිය මාස 6 තුළ කොවිඩ්-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් 18 දෙනෙකු සහ උපදේශකයන් 12 දෙනෙකු ඇතුළත් එහි හදිසි සේවා කමිටුව ජිනිවා නුවර දී ඊයේ රැස්වූයේ කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු 4 වන වතාවටයි.

කොරෝනා වෛරසය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේ චීනයෙන් පිටත ආසාදිතයන් සියයකට අඩු සංඛ්‍යාවක් සහ කිසිදු මරණයක් වාර්තා නොවුණු තත්ත්වයක් යටතේයි.

කෙසේ නමුත්, සියවසකට වරක් එළඹිය හැකි සෞඛ්‍ය අර්බුදයක් වන කොවිඩ්-19 ගෝලීය වසංගතයේ බලපෑම ඉදිරි දශක ගණනාවක් පුරා පැවතිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top