බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමේ උත්සාහයක්
Saturday, 01 August 2020 - 9:22 | Views - 533
ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය නැමති සංවිධානය මේ වන විට පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාර්ය භාරය ඉටු කරන බව බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ ලොව පුරා යොවුන් දෙමළ ප්‍රජාව ඉලක්ක කරගෙන ඔවුන් මේ වන විට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ද අරඹා ඇති බවයි.

‘‘මානව හිමිකම් සුරැකීමේදී පුද්ගලිකත්වය හඹායාම අභියෝගකාරි කරුණක්. ගඩාෆි, සදාම් හුසේන් සම්බන්ධයෙන් අප මැදිහත්වීමේදී ඒ ජන ප්‍රජාවන්ට සිදුවූයේ ඉමහත් විනාශයක්. කණගාටුවෙන් මතක් කළ යුතු කරුණක් වන්නේ 2011 වසරේදී අප තහනම් කළ එල්.ටී.ටී.ඊ සංවිධානය අද දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජයෙන් ප්‍රතිස්ථාපනය වී තිබෙනවා. ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ අනුරූපයක් වන අතර, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය ඔවුන්ට බ්‍රිතාන්‍යයේ පැනවූ තහනම ඉවත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඔවුන් කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හෙළා දැකීමක් සිදුනොකළ අතර, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ද ප්‍රතික්ෂේප කළේ නැහැ. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය මේ වනවිට ලොවපුරා දෙමළ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිය ප්‍රචාරණ කටයුතු වල නිරත වනවා.’’
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top