සම්පායෝ ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලීසියට යළි සිහි කැඳවීමක් (වීඩියෝ)
Friday, 31 July 2020 - 21:12 | Views - 515
 
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනා එල්ල වන එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් ඊට හේතු ලබන අඟහරුවාදා නඩු දිනයේදී පොලිසිය, අධිකරණයට ප්‍රකාශ කළ යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කියා සිටියා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් තුන් දෙනෙකුට මෙම සිදුවීමට අදාළව පසුගිය 22 වැනිදා වරෙන්තු නිකුත් කළ අතර, එලෙස වරෙන්තු ලැබූ ජේලර්වරුන් තුන් දෙනා අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාර වුණා.

කෙසේ වෙතත්, වරෙන්තු නිකුත් කර දින 09 ක් ගතව ඇතත්, වැඩතහනමට ලක්ව සිටින අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව නැහැ.

හිටපු බන්ධනාගාර අධිකාරීවරයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් ද  මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top