ශ්‍රී ලංකාවේ මුල්ම තොරණ ගැන එහි නිර්මාතෘ විල්බට්‌ සිංඤෝ මහතා‍ගේ පුතා කියන කතාව...
Sunday, 29 April 2018 - 15:32 | Views - 2,960
ශ්‍රී ලංකාවේ පැරණිතම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ 1955 දී මුලින්ම ප්‍රදර්ශනය කර තිබේ. එම තොරණේ නිර්මාතෘවරයා එච්.ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤෝ) මහතා‍යි. එතැන් පටන් මෙවර වෙසක් පොහොය දක්වා වසර 63 ක් එය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ. එම තොරණ ගැන තම මතකය එම තොරණේ නිර්මාතෘ විල්බට්‌ සිංඤෝ මහතාගේ පුතා වන එම්.ඒ. අනුර පෙරේරා මහතා පුවත්පතක් සමඟ බෙදාගෙන තිබුණේ මෙලෙසින්.
 

මුල් කාලයේ තාත්තා මේ තොරණට මුදල් වැය කළේ තමන්ගේ පෞද්ගලික මුදල්. එදා තාත්තට හොඳට මුදල් තිබුණා. ඉතිං තාත්තා බය නැතිව තොරණ සඳහා වියහියදම් කළා.

මුල්ම තොරණින් ප්‍රදර්ශනය කළේ මහා භද්‍ර කල්ප ජාතක කතා පුවත. එම තොරණට තාත්තා රුපියල් 7500 ක්‌ වියදම් කරලා තිබුණා. තොරණේ චිත්‍ර ශිල්පියාට රුපියල් 2500 ක්‌ දීලා තියෙනවා.

අද තාත්තා ජීවතුන් අතර නැති වුණත් මේ තොරණ ප්‍රදර්ශනය කරන හැම වෙලාවෙම අපිට තාත්තාගේ සුවඳ දැනෙනවා. තාත්තා වගේම මෑණියන් වන රානි විමලා පෙරේරා මහත්මියවත් නැසීගිය සහෝදර පිරිසගේ ගුණ සිහිපත් කරමින් තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරන්නේ.

එදා මෙදාතුර මේ තොරණ 63 වතාවක්‌ මහනජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මුල්ම තොරණ තුළින් මහා භද්‍රකල්පය ජාතක කතා වස්‌තුව ප්‍රදර්ශනය කෙරුණා. එදා තොරණේ උස අඩි අසූපහක්. විදුලි බුබුළු 35,000 කින් තොරණ ආලෝකවත් කෙරුණා. එදා මේ තොරණේ විදුලි ආලෝක ශිල්පියා වුණේ ආරියදාස මහත්මයා.

එදා මෙදා තුර මේ තොරණ බලන්න ලංකාවේ හතර දිග් භාගයෙන්ම ජනතාව එනවා. මට හරි සතුටුයි. තාත්තාගේත් අම්මාගේත් සහෝදර පිරිසගේත් එදා මේ තොරතුරු වෙනුවෙන් මහත් සේ කැපවූ අද ජීවතුන් අතර නැති පිරිස්‌වලට ගුණ සිහිකරමින් අදටත් මේ තොරණ ප්‍රදර්ශනය කිරීම ගැන මා තුළ තියෙන්නේ කිව නොහැකි තරම් සතුටක්‌.

මෙවර ප්‍රදර්ශනය කරන තොටළඟ තොරණේ උස අඩි 60ක්. පළල අඩි 60 ක්. විදුලි බුබුළු 35,000 කට අධික ප්‍රමාණයකින් තොරණ ආලෝකවත් වෙනවා.

ශ්‍රී ලංකාවේ මුල්ම තොරණේ සහ එහි නිර්මාතෘ විල්බට් සිංඤෝ මහතාගේ ඡායාරූප පහතින්.

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top