නිවුන් අලි පැටවුන් දෙදෙනා දැක ගැනීමට දෙස් විදෙස් සංචාරකයින් මින්නේරියට
Friday, 31 July 2020 - 16:14 | Views - 468
පසුගිය දිනවල දෙස් විදෙස් මාධ්‍යවල පවා කතා බහක් ඇති කළ ශ්‍රී ලංකාවේ නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය වනෝද්‍යානය තුළ මේ වනවිට නිරෝගීව කෙළිදොලෙන් සිටින බව වාර්තාවෙනවා.

මාසයක් පමණ වයසැති මෙම අලි පැටවුන් දැක ගැනීමට මින්නේරිය ජාතික වනෝද්‍යානයට මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණිම ද විශේෂත්වයක්.

වනජීවීන් පිළිබඳ පර්යේෂක ආචාර්ය සුමිත් පිලපිටියගේ නිරීක්ෂණයකට අනුව සොයාගනු ලැබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනට වැඩිමල් සහෝදරයෙකුද සිටින බවයි වාර්තාවන්නේ.

මවගෙන් කිරි බීමට අලි පැටවුන් දෙදෙනා අතර ඇති තරඟය නිසා පැටවුන්ට කිරි අඩුවීමට හැකි බවයි අචාර්ය සුමිත් පිලපිටිය පවසන්නේ.

කෙසේවෙතත් මෙම පැටවුන් දෙදෙනාට දැඩි රැකවරනයක් මවගෙන් හිමිවෙනවා.

මව අනුකරණය කරන මේ දඟයන් දෙදෙනා කුඩා තන පිඩලි උගුල්ලමින් කෑමටද දැන්ම පුරුදු වී ඇති බවයි අචාර්ය සුමිත් පිලිපිටිය වැඩිදුරටත් පැවසුවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top