නිවුන් අලි පැටවුන් දෙදෙනා දැක ගැනීමට දෙස් විදෙස් සංචාරකයින් මින්නේරියට
Friday, 31 July 2020 - 16:14 | Views - 469
පසුගිය දිනවල දෙස් විදෙස් මාධ්‍යවල පවා කතා බහක් ඇති කළ ශ්‍රී ලංකාවේ නිවුන් අලි පැටවුන් දෙදෙනා මින්නේරිය වනෝද්‍යානය තුළ මේ වනවිට නිරෝගීව කෙළිදොලෙන් සිටින බව වාර්තාවෙනවා.
මාසයක් පමණ වයසැති මෙම අලි පැටවුන් දැක ගැනීමට මින්නේරිය ජාතික වනෝද්‍යානයට මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණිම ද විශේෂත්වයක්.
වනජීවීන් පිළිබඳ පර්යේෂක ආචාර්ය සුමිත් පිලපිටියගේ නිරීක්ෂණයකට අනුව සොයාගනු ලැබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනට වැඩිමල් සහෝදරයෙකුද සිටින බවයි වාර්තාවන්නේ.
මවගෙන් කිරි බීමට අලි පැටවුන් දෙදෙනා අතර ඇති තරඟය නිසා පැටවුන්ට කිරි අඩුවීමට හැකි බවයි අචාර්ය සුමිත් පිලපිටිය පවසන්නේ.
කෙසේවෙතත් මෙම පැටවුන් දෙදෙනාට දැඩි රැකවරනයක් මවගෙන් හිමිවෙනවා.
මව අනුකරණය කරන මේ දඟයන් දෙදෙනා කුඩා තන පිඩලි උගුල්ලමින් කෑමටද දැන්ම පුරුදු වී ඇති බවයි අචාර්ය සුමිත් පිලිපිටිය වැඩිදුරටත් පැවසුවේ.
Share This Article