සරත් ෆොන්සේකා කියන බඩ අඩුකරගන්න යා යුතු තැන
Friday, 31 July 2020 - 15:40 | Views - 440

නඩු පිට නඩු වැටුනත් හිරේ යාමට සිදුවූවත් යුතුකම හරිහැටි ඉටුකළ බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.
නායකතුමාගේ නම්‍යශීලීත්වයේ ප්‍රතිවිපාක දැන් විඳිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා.
මෝඩයන්ට ඡන්දය ලබාදීමෙන් රටේ අනාගතයට වැඩක් සිදුනොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර ප්‍රකාශ කළා.
කිරිමුට්ටියේ ගොම බිංදුව දැක ගොස් අසූචි වලකට හේත්තු වූ පිරිසක් ද සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
තමන්ට බණින පුද්ගලයන් පොළොන්නරුවට කිසිදු වැඩක් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
තමන් ඇමතිවරයෙක් ලෙස හිටපු නායකයන් කළ වැඩ කොටස මෙන් දෙගුණයක් සිදුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා.
හිරේ ගිහින් තවත් වසර දෙකක් ගතකිරීමට හැකිනම් බඩ අඩුකර ගැනීමට හැකිබව සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ මැතිවරණ වේදිකාවේ අදහස් පළකරමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගිවිසුම් ඇතිකරගැනීමේදී තමන් ඇතුළු පිරිසක් පක්ෂයෙන් එළියට ඇද දැමූ බව ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.
Share This Article