දියතලාව නිරෝධායනය මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවයේ ඇත්ත මෙන්න
Friday, 31 July 2020 - 12:50 | Views - 1,394
දියතලාව යුද හමුදාකඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් නිරෝධායන දින සම්පුර්ණ වීමෙන් පසුවත් එම මාධ්‍යස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට හේතු විමසමින් නොසන්සුන් වීම නිසා දියතලාව යුධ හමුදා කඳවුරේ හමුදා ප්‍රධානියෙකු එම පිරිස් වෙත කරුණු පැහැදිලිකර දී තිබෙනවා .
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ අප කල විමසුමකදී පැවසුවේ, විදෙස්ගතව සිට පැමිණි මෙම පිරිස් අතරින් පී සි ආර් පරීක්ෂණය පොසිටිව් වූ පුද්ගලයින් කිහිපදෙනෙකුම වරින් වර හමු වීම නිසා මෙම පිරිසට මෙලෙස රැඳී සිටීමට සිදුව ඇති බවයි.
අදාළ පුද්ගලයින් විසින් යුද හමුදා සෙබළුන්ට සිදුකරන ඇතැම් ප්‍රකාශ පිළිබඳව වේදනාවට පත් එහි හමුදා ප්‍රධානියා ඔවුන්ට යුද හමුදා නිලධාරින් කරණ කැපකිරීම් පිළිබඳවද මෙලෙස කරුණු පවසා ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ සිදුවීමේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වීඩියෝව පහතින්
Share This Article