නිට්ටඹුවේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි, වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
Friday, 31 July 2020 - 11:16 | Views - 308
නිට්ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා ගබ්සා සිදුකළ බවට සැකකෙරෙන වෛද්‍යවරයෙකු සහ සේවකයකු සමග ගබ්සාවක් සිදු කර ගැනීමට පැමිණ සිටි 19 හැවිරිදි අවිවාහක තරුණියක හා ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයෙක් . පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර සිදුකර ඇති බවත් සදහන්. පොලිසිය එහි යන අවස්ථාවේ අවිවාහක තරුණිය ගබ්සාවක් සිදු කිරීමට සූදානම් කර තිබුණු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණු පෙම්වතුන් යුවළ කුරුණෑගල පදිංචිකරුවන් බවත් ඔවුන් ජූලි 29 දා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු තරුණිය ගැබ් ගෙන ඇති බව හෙළි වීමෙන් පසුව ගබ්සාව සඳහා රුපියල් 40000.00 ක් අය කරන බව දන්වා ඇතැයි ද ඒ අනුව යුවළ ජූලි 30 මුදල් ද රැගෙන පැමිණ ඇති බව මූලික පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

මෙම සැකකරු කලක් රාගම රෝහලේ සේවය කර ඉවත්වී මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව පවසා තිබෙනවා. සැකකරු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇතත් අවසන් පරීක්ෂණය සමත් නොවූ පුද්ගලයෙකු බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාව සොයා බැලීමට නියමිතයි.

මේ අවස්ථාවේ එහි රැඳී සිටි තවත් කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර තිබෙනවා. ඔවුන් අනුරාධපුරය හා කුරුණෑගල දුර බැහැර ගම්මානයන්හි පදිංචි පුද්ගලයින් බව හෙළි වී ඇති අතර එම කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මේ ස්ථානයේ පැවැත්වෙන බව කියන සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට පැමිණි බවයි.

ඔවුන් කරන ප්‍රකාශ සත්‍ය දැයි හෙළි කර ගැනීමට ද පොලිසිය කටයුතු කරන අතර අවශ්‍ය වුවහොත් එම තරුණ කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ද නියමිත බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

ගබ්සාවන් සඳහා යොදා ගන්නා බව කියන උපකරණ ගණනාවක් හා බෙහෙත් වර්ග රැසක් ද මේ ස්ථානයේ තිබී හමුවූ බව පොලිසිය කියයි. ඒවා සියල්ල පොලිස් භාරයට ගෙන තිබෙනවා. වෛද්‍යවරයා පැමිණි බව කියන නවීන පන්නයේ මෝටර් රියක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර පොලිස් නිල ඇඳුමක් ද එහි තිබී හමුවූ බව පොලිසිය සඳහන් කරයි. මෙහි මේස ලාච්චුවක තිබී පිරිමි දෙදෙනෙකුගේ හා කාන්තාවන් සිව් දෙනෙකුගේ හැඳුනුම්පත් හමුවී ඇති අතර ඒවා ලැබුණු ආකාරය සොයා බැලීමට ද කටයුතු කරන අබවත් සදහන්.

මේ ස්ථානයේ කාලයක සිට ඉතා රහසිගතව ගබ්සාවන් කර ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top