අවුරුදු හයක් වයස දියණියකට නරුම වැඩක් කළ 17හැවිරිදි තරුණයාට අත් වුනු ඉරණම මෙන්න
Friday, 31 July 2020 - 11:07 | Views - 331
තම මවගේ දෙවැනි සැමියාගේ (සුළු පියාගේ) ලොකු පුතා වෙතින් කලක් තිස්සේ ලිංගික අතවරවලට ලක්වූ හය හැවිරිදි දැරියගේ රැකවරණය සඳහා දැරියගේ මිත්තනිය වෙත දැරිය භාරදීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කර තිබෙනවා.
 
කටාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පො.සැ. (1562) එස්. ජයවර්ධන මහත්මිය විසින් අධිකරණය වෙත ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියෙන් බරපතළ ලිංගික අතවරවලට ලක්වූ බව කියන 6 හැවිරිදි දැරිය කටාන පොලිස් වසමට අයත් දැරියක්.
 
දැරියගේ පියා මව අත්හැර යෑමෙන් අනතුරුව තවත් පුද්ගලයකු සමග මව සරණ ගොස් තිබෙනවා.

මව හා සරණ ගිය පුද්ගලයාට ඔහුගේ පළමු විවාහයෙන් ලද පුතෙකු සිටී. ඔහු අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි අයෙක්. ඔහු නිතර නිතර දැරියගේ නිවසට පැමිණෙයි. පසුව ඔහු බලෙන් කුඩා දැරිය ලිංගික අපයෝජනයට ගොදුරුකර ගෙන ඇත. ඒ සඳහා දැරිය විවිධ වධ බන්ධනවලට ලක්කර තිබෙනවා.
 
මෙම දුක්ඛිත තත්ත්වය පිළිබඳ ප‍්‍රදේශවාසීහු පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ (119) දැනුවත් කර ඇති බව සඳහන්. ඒ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පැවැත්වූ කටාන පොලිසිය මෙම සිද්ධියේ සැකකරු වන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
දැරිය වෛද්‍ය පරීක්‍ෂණයට රෝහල් ගත කර ඇත. වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ දැරිය ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.
 
මෙම නඩුව අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේ කටාන පොලිසිය විසින් දැරිය අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේ දැරියගේ භාරකාරත්වය ලබාගෙන ඇයට රැකවරණ ලබාදීමට දැරියගේ මිත්තනිය එකඟ වුනා.
ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බැඳුම්කරයක් මත දැරිය මිත්තනියට භාරදීමට නියෝග කළා.
 
විමල් කීර්ති
උපුටා ගැනීම දිවයින පුවත්පත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top