අම්බලන්ගොඩ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Friday, 31 July 2020 - 10:56 | Views - 659
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ දුම්රියක මොහු ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි බලපිටිය - ඌරවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article