ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ රෝගීන්ගේ වැඩිවීමක්
Friday, 31 July 2020 - 9:41 | Views - 561

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනාවෛරසයේ බලපෑමට ලක්වූ වික්ටෝරියා ප්‍රන්තය තුළ මෙතෙක් වාර්තාවූ දරුණුම මරණ සංඛ්‍යාව හා රෝගීන් ප්‍රමාණය බ්‍රහස්පතින්දා (ජූලි 30) දිනය තුළ සටහන් කෙරිණ.
මේ හේතුවෙන් ප්‍රාන්ත අගනුවර වන මෙල්බර්න් වෙත පනවා තිබූ සති හයක 'ලොක්ඩවුන්' වැඩපිළිවෙල ඵල නොදරන බවට බිය පළවෙමින් තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලුතින් මරණ 13 සහ රෝගීන් 723 ක් වාර්තා විණි. එය පසුගිය සඳුදා වාර්තා වූ ප්‍රමාණයට වඩා 36%ක ඉහළ යාමකි.
මේ පසුබිම මත, ජූලි 7 වෙනිදා ඇරඹුණු 'ලොක්ඩවුන්' වැඩපිළිවෙල තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි බිය පළවී තිබේ.
මෙම වැඩිවීම තුළින් ඔස්ට්‍රේලියාව තුළ වසංගතය සම්බන්ධයෙන් සමස්තයක් ලෙස වාර්තා වූ දරුණු ම දවස ලෙස සැළකේ.
රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වහා පරීක්ෂණවලට යොමුවන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත නිලධාරීහු එහි වැසියන්ගෙන් ආයාචනයක් කළහ.
පසුගිය සතියේදී විටෝරියා ප්‍රාන්ත ආණ්ඩුව කියා සිටියේ, ලොක්ඩවුන් වැඩපිළිවෙල අතරේ වුවද, හුදෙකලා වීමේ රීති බිඳ දමන රෝගී පුද්ගලයින් හෝ නොඑසේනම් නියමිත වේලාවේදී පරීක්ෂණවලට යොමු නොවන පුද්ගලයින් රෝගය පැතිරීමට හේතුවී ඇති බවය.
"ඔබට රෝග ලක්ෂණ ඇත්නම් ඔබට කළ හැකි එකම දේ පරීක්ෂා කරවා ගැනීමයි," යැයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසීය.
"ඔබට සේවා ස්ථානයට යන්න බැහැ. මොකද ඔබ එයින් කරන්නේ වෛරසය පතුරවන එකයි," ඔහු කියා සිටියේය.
Share This Article