අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය බෙදු උකුස්සා පොලිස් භාරයට ගත් හැටි මෙන්න
Friday, 31 July 2020 - 9:21 | Views - 723
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන උකුස්සෙකු මීගොඩ - නාවලමුල්ල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොලකින් සොයා ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි අද මෙම උකුස්සා සොයා ගෙන ඇත්තේ.
සිද්ධියට අදාළව සත්ත්ව ගොවිපොලේ හිමිකරුවෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මීට අමතරව, එම ගොවිපොලේ තිබී වායු රයිෆලයක් සහ පතොරම් 10 ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
Share This Article