පිහිනුම් ක්‍රීඩකයෙකුගේ දිවි බේරාගත්, බිකිනි ඇඳුමින් සැරසුණු වෛද්‍යවරියට දසතින් විරෝධය එල්ල වුනු හේතුව
Friday, 31 July 2020 - 8:50 | Views - 171

මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි කතාබහකට ලක්වෙන හෑෂ් ටෑගයක් වන්නේ #MedBikini නම් හෑෂ් ටෑගයයි.
මේ විදිහේ "හෑෂ්ටැග්" එකක් සමාජ මාධ්‍ය කළඹන්නට පටන් ගන්නේ එක්තරා ඡායාරූප පෙළක් නිසාවෙනුයි.
එනම්, කාන්තා වෛද්‍යවරියක් විසින් නාන ඇඳුමින් (බිකිනි) සැරසී පිහිනුම් ක්‍රීඩකයෙකුට ප්‍රතිකාර කරන ඡායාරූප පෙළකුයි ඒ...
කෙසේ වෙතත්, මෙය වෘත්තිමය වෛද්‍යවරයෙකුට නොගැළපෙන ඝනයේ ක්‍රියාවක් බවට බොහෝ වෛද්‍යවරුන් පවසනවා.
එය ලිංගිකත්වය වඩාත් උලුප්පා පෙන්වා දීමක් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් අනුගාමිකයන් 33, 000කට අධික පිරිසක් විසින් හවායි හි කලහියෝහි සේවය කරන අදාළ වෛද්‍යවරිය වන කැන්ඩිස් මිහ්රේගේ මෙම ඡායාරූප කිහිපයකට සිය කැමැත්ත පළ කර ප්‍රතිචාර දක්වා තිබෙනවා.
පිරිමි පර්යේෂකයින් විසින් කරන ලිංගික අධ්‍යයනයකින් පසු වෛද්‍යවරියන් මෙවැනි ඡායාරූප (බිකිනි ඇඳුමින් සැරසුනු.) සමාජ ජාලාවලට මුදා හැරීම "වෘත්තීමය නොවන" බවට තීන්දු කර තිබෙනවා.
කෙසේ වෙතත්, වෛද්‍ය මයර් පවසන්නේ, "ඔවුන්ට අවශ්‍ය දේ හැඳ පැළඳීමට ඔවුන්ට හැකි බවයි." (අයිතියක් ඇතුවාය යන අදහස.)
එමෙන්ම එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ,
"කාන්තා වෛද්‍යවරු හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ ඕනෑම කෙනෙකුට බිකිනි අඳින්න පුළුවන්, සෞඛ්‍ය සේවා සපයන්නෙකු විදිහට අපි කොතරම් හොඳද යන්න මෙයින් වෙනස් නොවේ. අපගේ නිදහස් වේලාවට අපට අවශ්‍ය දේ පැළඳිය හැකියි. ඒ වගේම අපිට ඔබේ ජීවිතය බේරා ගත හැකියි.."
කෙසේ වෙතත් මීට එදිරව කතා කරන පිරිස් සඳහන් කරන්නේ මෙවැනි දේ "වෘත්තීමය නොවන" ඒවා යන්නයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වෛද්‍ය වෘත්තියේ නියැලෙන පිරිස් විවිධ අදහස් දක්වා තිබෙනවා.
"ඔබ හෙදියක්, වෛද්‍ය ශිෂ්‍යයෙක්, පදිංචිකරුවෙක්, සහභාගි වන්නෙක් වේවා, ඔබේ ප්‍රියතම බිකිනි පින්තූර / ඇඳුම පික් / හැලොවීන් පික් / ඕනෑම දෙයක් අදම සටහන් කර මාව ටැග් කරන්න. අපි වෛද්‍ය විද්‍යාවේ ලිංගිකත්වය ගිල දමා එය දිගටම කරගෙන යා යුතුයි..."
Dailymail ඇසුරිනි.
Share This Article