ජීවක, නාලක, අසංක සහ දීපා එදිරිසිංහ අදත් රහස් පොලිසියට
Friday, 31 July 2020 - 8:20 | Views - 281
ඊ.ටී.අයි. සමාගමේ අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඔවුන් ඊයේ පැය 08 කට වැඩි කාලයක් ප්රකාශ ලබාදුන්නා.
ඒ, ඊ.ටී.අයි. සමාගමේ අක්රමිකතා සහ අයථා ක්රියා පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.
මේ වනවිට ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදී ද එම සමාගමේ අක්රමිකතා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතිනවා.
මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනක මුදල් ඊ.ටී.අයි. අධ්යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවද එහිදී හෙලිවුණා.
Share This Article