ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක සිටින කුවේට් පුරවැසියන්ට එරට රජය කළ දැනුම්දීම
Thursday, 30 July 2020 - 16:44 | Views - 282
රටවල් කිහිපයක හැර අනෙක් රටවල සිටින කුවේට් පුරවැසියන්ට සහ කුවේටයේ නේවාසිකයන්ට රට තුළට පැමිණීම සහ ඉන් පිටතට යාමට අගෝස්තු පළවනදා සිට අවස්ථාව ලබාදෙන බව එරට රජය පවසනවා.
කෙසේ වෙතත්, එරට සන්නිවේදන මධ්‍යස්ථානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව, පිලිපීනය, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් 7ක රැදී සිටින තම පුරවැසියන්ට සහ නේවාසිකයන්ට කුවේටයට පැමිණීම තවදුරටත් තහනම් වන බවයි.
Share This Article