අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට
Thursday, 30 July 2020 - 15:41 | Views - 566
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පෑලියගොඩ - පට්ටියහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් කොළොන්නාව සහ කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 250 ක් සැකකරුවන් සතුව තිබී පොලීසිය සොයා ගෙන තිබෙනවා.
41 සහ 36 හැවිරිදි සැකකරුවන් අතර ඥාතී සම්බන්ධයක් පවතින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
සැකකරුවන්ගෙන් එක් අයෙකු කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ නිලධාරියා ලෙස කටයුතු කරන අතර, අනෙක් පුද්ගලයා කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා.
Share This Article