කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ශිතකරණය තුළ අසුරා තැබු පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීමේදී කියු කතාව
වසර තුනකට අධික කාලයක්, ඝාතනය කළ දෙදෙනෙකුගේ ශරීර ශීතකරණයේ අසුරා තිබු සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සහීඩ් යුනිස් නම් අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සැකකරු සමඟ සමීපය ආශ්‍රය කළ හෙන්රියාට් සුක්ස් සහ මිහ්රිකන් මුස්තාපා යන අය මෙලෙස ඝාතනයවී ඇති බවයි පොලිසිය සැක පළ කර ඇත්තේ.
34 හැවිරිදි හංගේරියානු ජාතික කාන්තාවක වන හෙන්රියාට් සුක්ස් 2016 වසරේදී සැකකරු සමඟ අතුරුදන්ව ඇති බව ද සඳහන්.
2018 මැයි මාසයේදී සහීඩ් යුනිස් සමඟ 38 හැවිරිදි මිහ්රිකන් මුස්තාපා නැගෙනහිර ලන්ඩන්යේ කැනින් නගරයේ පිහිටි සැකකරුගේ නිවස වෙත පැමිණි තිබුණා.
මොවුන් දෙදෙනාගේ මළ සිරුරු ශිතකරණයක තිබි පසුගිය වසරේ අප්‍රේල් මස 27 වනදා සොයාගැනීමටයි ලන්ඩන් පොලිසිය සමත් වුණේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, "මේක මගේ ගෙදර... මගේ ප්‍රශ්නයක්.. ඔයාලා මොකටද කරදර වෙන්නේ...?" යනුවෙන් විමසා ඇති බවයි විදෙස් සඳහන් කළේ.
ඊට අදාළ වන නඩුව ඊයේ දිනයේදී අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ තමන්ට අසනීප ගතියක් පෙන්නුම් කරන බව පවසමින් උසාවියෙන් පිටව ගිය බව ද සඳහන්.
විදෙස් මාධ්‍ය

