බහරේන් වෙත ඇතුළු වන සංචාරකයින්ට PCR පරීක්ෂණ අනිවාර්ය කෙරේ
Thursday, 30 July 2020 - 15:16 | Views - 218
බහරේන් රාජ්‍යයට ඇතුළුවන සියලු සංක්‍රමණිකයින්ට පී.සී.ආර්. පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා.
පසුගිය අඟහරුවාදා සිට මෙය ක්‍රියාත්මක අතර බහරේන් ඩිනාර් 30 ක මුදලක් ගෙවා එරට ගුවන්තොටුපලේදී පී.සී.ආර් පරීක්ෂණ කර ගත යුතු බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.
එරට ගුවන්තොටුපලේදී අදාළ මුදල් ගෙවීම් ලබාදී මෙම පරීක්ෂණ සිදු කර ගත හැකියි.
Share This Article