ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දීමක්
Thursday, 30 July 2020 - 14:54 | Views - 269

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වනවා.
ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
දකුණු පළාතේත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.
වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.
එමෙන්ම, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 65 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි දැනුම් දෙන්නේ.
Share This Article