පන්නිපිටියේ අපයෝජකයා ළමයින්ගේ වීඩියෝ සහ ඡායාරූප විදෙස් රටවලට යවා ඇති බව හෙළිවේ
Thursday, 30 July 2020 - 13:35 | Views - 894
ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියෙකු වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ජායාරූප ගෙන ඇමරිකාව ඇතුළු රටවල් 05ක විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

54 වන වියේ පසුවන මොහු විවාහ වී පසුව දික්කසාද වූවෙකු බවට අනාවරණය වී ඇති අතර 2012 වසරේ සිට අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පිරිමි ළමයින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එසේම පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය, අල්මාරියක තිබී ළමයින්ගේ යට ඇදුම් විශාල තොගයක් සහ බිම වැටී තිබූ හිසකෙස් 200කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණුනා.

එසේම ළමයින්ගේ වීඩියෝ පට සහිත සීඞී 130ක් ද හමුවී ඇති අතර ඒවා වැඩිදුර පරීක්ෂාව සඳහා යොමු කර ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා වෙතයි.

මනාලෙස ඉංගී‍්‍රසි උච්චාරණය කළ හැකි සැකකරු කුඩා දරුවන්ට ඉංගී‍්‍රසි පන්ති පවත්වා ඇති නමුත් අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් මෙම පුද්ගලයාට ඒ සඳහා විශේෂ සුදුසුකමක් තිබී නොමැති බවට හෙළි වී තිබෙනවා.

ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති කුඩා දරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්ණ කර ඇති අතර එම දරුවන්ගේ දෙමව්පියන් ඉංගී‍්‍රසි පන්ති සඳහා තම දරුවන්  සැකකරුගේ නිවසට ඇරලවා ගොස් ඇති නමුත් වැඩිදුර සොයාබැලීම් සිදුකර නැහැ.

එසේම මෙම දරුවන්ට ත්‍යාග ලෙස ඩ්‍රෝන් කැමරා මොහු විසින් පිරිනමා ඇති බවටද දරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය හෙලි කරගෙන තිබෙනවා.

තවද සැකකරු කුඩා ළමයින්ගේ නම් වලින් ෆේස්බුක් ගිණුම් විවෘත කර විවිධ පුද්ගලයින් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි ඔහුගේ පරිගණක පරීක්ෂා කළ පොලිසිය අනාවරණය කර ගත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කරන මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිණිය ලෙසයි.

පසුගියදා කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය සිදුකළ සැකකරු පළායන අවස්ථාවේදී ඔහු අල්ලා පොලිසියට බාර දෙනු ලැබුවේද මෙම පොලිස් නිලධාරිණිය වන අතර පසුව ඇයට  පොලිස්පතිවරයා විසින් මුදල් ත්‍යාගයක්ද පිරිනමනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top