තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි කණ්ඩායමක් ජනපති ඉල්ලයි
Thursday, 30 July 2020 - 13:24 | Views - 246
තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කළුතර දිස්ත්රික්කයේ පැවති ජන හමු කිහිපයකට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක් වූ අතර එම හමුවකදීයි මෙම ඉල්ලීම කරනු ලැබුවේ.
බුලත්සිංහල මහජන ක්රීඩාංගණයේ පැවති ජන හමුවකදී රැස්ව සිටි පිරිස සමග ජනාධිපතිවරයා සංවාදයක ද නිරතවුණා.
මීට අමතරව ඉංගිරිය ප්රාදේශීය සභා ක්රීඩාංගණයේ පැවති ජන හමුවකට සහ මතුගම ප්රාදේශීය සභා ශ්රවණාගාරයේ පැවති ජන හමුවකටද ජනාධිපතිවරයා එක්වුණා.
Share This Article