පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර තිබෙනවා.
මෙම රෝගියා කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකු සමීප සම්බන්ධතා පැවත් වූ අයෙක්.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2811 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.